Friday, May 10, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරගයේ වීරයා වූ රවීන්ද්‍ර ජඩේජාට තහනමක්  




ශ්‍රී ලංකාව සමග ඉකුත්දා පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයේදී තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් රවීන්ද්‍ර ජඩේජාට මීළග තරගයට සහභාගිවීම අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තහනම් කර තිබෙනවා. 

ඒ, ඉකුත්දා පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔහු සිදුකළ වරදක් සැලකිල්ලට ගනිමින්. 

එම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉනිමේ 58 වන පන්දුවාරයේදී රවීන්ද්‍ර ජඩේජා තණතිල්ල මතදී පන්දුව රැකගෙන පන්දුවට පහර දෙන අන්තයට අවදානම් ලෙස විසි කළා. 

ඒ වනවිට පන්දුවට පහරදෙමින් සිටියේ මලින්ද පුෂ්පකුමාරයි. රවීන්ද්‍ර ජඩේජාගේ මෙම කි්‍රයාව අන්තර් ජාතික කි්‍රකට් කවුන්සිලයේ තරග රීති උල්ලංඝණය කරන බව විනිසුරුවරුන් විසින් ප්‍රකාශ කර තිබෙනවා.