Tuesday, September 24, 2024

General line - 0115112241

හම්බන්තොට වරාය පරිශ්‍රයේ දී අනතුරට පත්වූ තවත් අලි පැටවෙක් (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ හක්කපටස් කෑමෙන් තුවාල ලබා සිටි වයස අවුරුදු තුනක් පමණ වයස අලි පැටවෙකුට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් හා උඩවලව ඇත් අතුරු සෙවනේ වන ජීවී පශු වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කර තිබෙනවා.

වන ජීවී පශු වෛද්‍යවරුන් පවසා ඇත්තේ අලිපැටවාගේ තත්වය බරපතල වන බවයි.

එම නිසා මුලික ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව අලි පැටවාට යම් ශාරිරීක ශක්තියක් ලැබුණු වහාම හෙට (08) දින පෙරවරුවේ උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙන යාමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.