Tuesday, September 24, 2024

General line - 0115112241

බන්ධනාගාර රැදවියෙකුගේ පරීක්ෂණ යට ගැසීමේ සූදානමක්




පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ රැදවියෙකුට මත්පැන් රැගෙන ගිය බන්ධනාගාර රැදවියෙකුගේ පරීක්ෂණ යට ගැසීමේ සූදානමක් පවතින බව බන්ධනාගාර ආරංචී මාර්ග පවසනවා.

අදාළ රැදවියා මත්පැන් ලබාගැනීමට ඊෂි කෑෂ් මාර්ගයෙන් බන්ධනාගාර නියාමකවරයාට එම මුදල ලබාදී තිබුණා. 

සිරකඳවුරට මත්පැන් රැගෙන යාමේදී බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර නියාමකවරයා සිය භාරයට ගෙන තිබුණා. 

මෙම සිදුවීම මීට මාස දෙකකට පෙර සිදුවුවත් අදාළ බන්ධනාගාර නියාමකවරයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව බන්ධනාගාර ආරංචී සඳහන් කළා. 

බන්ධනාගාර දෙපාර්තමේන්තු උසස් නිලධාරීන්ගේද සහාය ඇතිව පරීක්ෂණ යට ගසා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.