Tuesday, September 24, 2024

General line - 0115112241

ඇමති රවී ගැන තීන්දුවකට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ අද රැස්වෙයි 




පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (08) පැවැත්වෙනවා. 

අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචී පැවසුවා. 

අදාළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට හෝ නොගැනීමටද විවාදයට ගන්නේ නම් ඒ සඳහා දින නියම කිරීමටද හැකියාව ඇත්තේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී බවයි සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියාසිටියේ. 

මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නුදුරු දිනයක් ලබාගැනීමට අද පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී හැකිවනු ඇතැයි ඒකාබද්ධ විපක‍ෂය පැවසුවා.