Tuesday, September 24, 2024

General line - 0115112241

රටෙන් අඩකට තවමත් නියඟය




බොහෝ ප්‍රදේශවලට වැසි ඇදහැළුණද ඇතැම් ප්‍රදේශවල තවමත් පවතින්නේ නියං තත්ත්වයක්. 

මේ නිසා පරිභෝජනයට ගතහැකි සීමිත ජල ප්‍රමාණය නාස්ති නොකරන්නැයි නැවත ඉල්ලීම් කෙරෙනවා. 

ජලය නාස්ති වන ප්‍රධාන ක්‍රමයක් ලෙස කාන්දු වන පයිප්ප සහ නළ හඳුනාගෙන තිබෙන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ. 

මේ අනෙක් අය විවේචනය නොකර තම තමන් විසින්ම ජල නාස්තිය වළක්වා ගන්නා ලෙසයි නෙත් එෆ් එම් රේඩියෝව යෝජනා කරන්නේ.

එසේ කළහොත් අනෙක් අයද ඔබ අනුව යමින් ජල නාස්තියෙන් වැළකෙනු ඇති.

මේ අතර අද රාත්‍රීයේ ප්‍රචාරය කෙරෙන නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කනපිට සංවාදයේදී සාකච්ඡා කෙරෙන්නේ රට නිවැරදි මග ගෙනයා හැකි ආකාරය පිළිබඳවයි. 

එක් නායකයෙකුට රට වෙනස් කළ හැකි දැයිද එහිදී සාකච්ඡා කෙරෙනවා. 

ඔබගේ අදහස් සඳහාද මෙම සංවාදය විවෘතයි. ඔබේ අදහස් 077 902 18 24 අංකයට වයිබර් කළ හැකි වනවා.