Tuesday, September 24, 2024

General line - 0115112241

කතරගම පෙරහර නැරඹීමට පැමිණි පිරිසක් බස් රථයකට යටවීමෙන් දෙදෙනෙකු මරුට




කතරගම ඇසළ පෙරහර නැරඹීම සඳහා පැමිණි බස් රථයක් පිටුපසට ධාවනය කිරීමේදී එයට යට වී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වනවා. 

කතරගම නගරයට ආසන්න ක්‍රීඩාංගණයක පෙරහර නැරඹීමට පැමිණි පිරිසක් නිදාගෙන සිටියදී ඔවුන් පැමිණි බස් රථය රියදුරු විසින් පිටුපසට ධාවනය කර තිබෙන බවයි. 

මෙහිදී තුන් දෙනෙකු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සදහන් කරනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.