Tuesday, September 24, 2024

General line - 0115112241

කළුතර දී සිදු වූ ගිනිඅවි ජාවාරමක් කොටු වෙයි




ගිනිඅවි ජාවාරමක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු කළුතර දකුණ පොලිස් වසමේ බෝම්බුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

රිවෝල්වර් වර්ගයේ ගිනි අවි දෙකක් රුපියල් අසූ දහසක මුදලකට අළෙවි කිරීමට ඔවුන් සූදානම්ව සිට ඇති බවයි පොලීසිය පවසන්නේ. 

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාම මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. 

ප්‍රශ්න කිරීම්වලින් පසු ඔවුන් අද කළුතර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.