Tuesday, September 24, 2024

General line - 0115112241

කේරල ගංජා සමග සැකකරුවන් සිවිදෙනෙක් අත්අඩංගුවට (PHOTOS)




ඇසළ පොහෝ දිනයේ කේරල ගංජා මිලිග්‍රෑමි හැත්තෑපන්දහසක් ලග තබා ගත් සිවිදෙනෙක් සැකපිට ඊයේ (07) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව හැටන් සුරාබදු කාර්යාලයේ සුරාබදු පරීක්ෂක අලවත්තේගම පවසනවා.

හැටන් දික්ඔය ප්‍රදේශයේදි කේරල ගංජා අලවි කිරීමේ ජාවාරමේ යෙදී සිට එම ප්‍රදේශයේ පදිංචී තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගත් අතර සෙසු සැකකරුවන් සති අන්ත නිවාඩුවට වේයන්ගොඩ සහ රාගම ප්‍රදේශවල සිට නුවරළිය සංචාරයක් සඳහා වෑන් රථයකින් දිඹුල ප්‍රදේශයට පැමිණ සිටියදී එම වෑන් රථයේ සිටි තරුණයන් තිදෙනෙකු ලඟ තිබියදී සෙසු ගංජා තොගය අත්අඩංගුවට ගත් බවයි.

සුරාබදු පරීක්ෂකවරයා පැවසුවේ සැකපිට අත්අඩංගුවට ගත් සිවිදෙනා අද (08) හැටන් මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කරන බව සුරාබදු පරීක්ෂකවරයා පැවසුවා.