මධ්‍යස්ථාන 2230 කදී අයැදුම්කරුවෝ 3,15,227 ක් වෙනුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (08 දා) උදේ 8.30 ට ආරම්භ කෙරුණා.
මෙවර විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයෑදුම්කරුවෝ 315227 දෙනෙක් පෙනී සිටිනවා. විභාගය පැවැත්වෙන කාලසීමාවේදී මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන පාසල්වල ඉදිකිරීම් ඇතුළු සියලු බාහිර කටයුතු තහනම් වන අතර අවසර නොලත් කිසිදු පුද්ගලයකුට විභාග මධ්‍යස්ථානයන්ට ඇතුළුවීම ද සපුරා තහනම් කර තිබෙනවා.
බ්ලූ ටූත්, ස්මාර්ට් වොච් හා ජංගම දුරකථන වැනි විද්‍යුත් උපකරණ විභාග ශාලාවට රැගෙන ඒම තහනම් වන අතර එවැනි උපකරණ ළඟ තබාගෙන හසුවන අයෑදුම්කරුවන් වසර පහක විභාග තහනම් කෙරෙන දඬුවමකට යටත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර පවසනවා.
විභාග වංචා හා අක්‍රමිකතා වැළැක්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියක් විභාග දෙපාර්තමේන්තුවේ පිහිටුවා ඇත. එම මැදිරියේ 0113188350, 0113140314 දුරකථන අංකයන්ට හෝ 0112784208, 0112784537 හෝ 1911 යන අංකයන්ට පැමිණිලි යොමු කළ හැකිවෙයි. මීට අමතරව පොලිස් මූලස්ථානයේ 0112421111 ට හෝ 119 යන අංකවලට ද පැමිණිලි ඉදිරිපත් කළ හැක.