Tuesday, September 24, 2024

General line - 0115112241

රැඳවියෙකුට මත්පැන් අරන් ගිය නියාමකගේ පරීක්ෂණ යට ගැසෙයි?




පල්ලෙකැලේ එළිමහන් සිරකදවුරේ රැඳවියෙකුට මත්පැන් රැගෙන ගිය බන්ධනාගාර නියාමකවරයෙකුගේ පරීක්‍ෂණ යට ගැසීමේ සූදානමක් පවතින බව බන්ධනාගාර ආරංචි පවසනවාග අදාළ රැඳවියා මත්පැන් ලබාගැනීමට ඊෂි කෑෂ් මාර්ගයෙන් බන්ධනාගාර නියාමකවරයාට එම මුදල ලබාදී තිබුණා.

සිරකඳවුරට මත්පැන් රැගෙන යාමේදී බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර නියාමකවරයා සිය භාරයට ගෙන තිබුණා. මෙම සිදුවීම මීට මාස දෙකකට පෙර සිදුවුවත් අදාළ බන්ධනාගාර නියාමකවරයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැති බව බන්ධනාගාර ආරංචි සදහන් කළා. බන්ධනාගාර දෙපාර්තමේන්තු උසස් නිලධාරීන්ගේද සහාය ඇතිව පරීක්‍ෂණ යට ගසා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.