Tuesday, September 24, 2024

General line - 0115112241

අද 'ඇමති පුටුව හැර යෑමේ පුවත ගැන' රවීගෙන් ප්‍රකාශයක් - (EXCLUSIVE)




සිය අමාත්‍ය ධුරයෙන් අද (08) දිනයේ ඉල්ලා අස්වීමට නියමිත බවට පළ වන වාර්තා අසත්‍ය බව විදේශ අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

බැඳුම්කර කොමිසමේ කටයුතු සඳහා සහය වීමේ  අරමුණ ඇතිව ඔහු ඉල්ලා අස්වන බවයි එම වාර්තා මගින් පැවසුණේ.

නෙත් නිවුස් කළ විමසීමකදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට මෙතෙක් තීරණය කර නැතැයි අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළා.

මේ අතර අමාත්‍ය රවී කරුණානායකට ඉල්ලා අස්වීමට ඉඩදීම නොව ආණ්ඩුව දැන් කළයුත්තේ ගොණුකර ඇති විශ්වාසභංග යෝජනාවට ඔහු ඉදිරිපත් කිරීම බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ පවසනවා. 

ඔහු ඒ බව පැවසුවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කුලියාපිටිය ප‍්‍රදේශයේ ඊයේ පැවැත්වූ ජනරැළියකදීයි.