Tuesday, September 24, 2024

General line - 0115112241

සම්බන්ධන්ගේ කතාව නිසා මන්ත්‍රී පට්ටමත් නැතිවෙයි?




උතුරට සහ නැගෙනහිරට ස්වයංතීරණ අයිතිය ලබාදිය යුතු බවට විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් කළ ප‍්‍රකාශය ඊළාම් රාජ්‍යයක් කරා යන ගමනේ ආරම්භක පියවරක් බව දේශශිතෛෂි ජාතික ව්‍යාපාරය පවසනවා. මේ එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ ආරම්භක පියවරෙන් පසු ඉතිරි දුර ජාත්‍යන්තර මැදිහත්වීමෙන් නීත්‍යානුකූල නොවන ලෙස ඉටුකරගනු ඇති බවය. ඊළාම් අරමුණ වෙනුවෙන් සටන් කළ යුතු බවට, මේ අයගේ පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ ව්‍යවස්ථාවෙම සඳහන් වෙනවා.“ 

විපක්‍ෂ නායකවරයා කර ඇති ප‍්‍රකාශය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවටද පටහැනි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. ව්‍යවස්ථාවේ 6 වන සංශෝධනයට අනුව  අරමුණු දැරීම අභිලාශයන් තිබීම මන්ත්‍රීධූරය පවා අහිමිවිය හැකි වරදක් බවද ඔහු පෙන්වා දෙනවා.

මෙම කරුණු සැලකිල්ලට ගෙන විපක්‍ෂ නායක ආර් සම්බන්ධන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු බවද දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය කියාසිටියා.