Tuesday, September 24, 2024

General line - 0115112241

උත්තර දෙන්න සුදානම් - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ මාධ්‍ය කැඳවීමකට සැරසේ 




රජයේ ආයතනයකට එල්ල වී චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ පිළිතුරු ලබාදීමට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේවන විට සුදානමින් සිටින බව  වාර්තා වනවා.

අදාළ මාධ්‍ය හමුව මගින් අමාත්‍යංශයට අදාළ ආයතනයක් සම්බන්ධයෙන් ඇතැමුන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙනු ඇති බවයි  අමාත්‍යවරයාගේ ආරංචි මාර්ග සඳහන් කළේ.