Tuesday, September 24, 2024

General line - 0115112241

අදහස්වලට තැනක් නැහැ! ආයේ එන්නේ නැහැ! එජාප මන්ත්‍රී යයි!




දඹුල්ල ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවට මින් ඉදිරියට සහභාගි නොවන බව මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරයෙකු වන තිස්ස බණ්ඩාර හේරත් පවසනවා. සිය අදහස්වලට එහිදී වටිනාකමක් නොලැබීම නිසා එම තීරණය ගත් බවයි ඔහු නෙත් නිවුස් වෙත කියාසිටියේ.

තමන්ට ආසන සංවිධායක ධුරයක් හෝ අවම වශයෙන් සම සංවිධායක ධුරයක්වත් ලබාදිය යුතු බව තිස්ස බණ්ඩාර හේරත් මන්තී‍්‍රවරයා මෙහිදී කියාසිටියා.