Tuesday, September 24, 2024

General line - 0115112241

අන්තරේ භික්ෂු බල මණ්ඩල කැඳවුම්කාර හිමිට ඇප




රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අද (08) ඇප මත මුදා හැරුණා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලකගේ නියෝගයකට අනුවයි.

රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් සහ රුපියල් දස දහසක මුදල් ඇපයක් මෙහිදී සැකකාර හිමියන්ට නියෝග කෙරුණා.

උන්වහන්සේ චෝදනා ලබා සිටියේ ඉකුද්දා සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී පොදු දේපළවලට අලාභහානි සිදු කළ බවටයි.