Tuesday, September 24, 2024

General line - 0115112241

රෝහලේ කාන්තා වැසිකිළියේ CCVTකැමරාවක්




රජයේ රෝහලක් තුළ ඇති කාන්තා වැසිකිලියක සී.සී.ටීවී කැමරාවක් සවි කළ බවට චෝදනා ලබා සිටි වෛද්‍යවරයාට අනුරාධපුර මූලස්ථාන පොලිසිය අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ අද (08) නඩු පැවරුවා.

ඒ, එම වෛද්‍යවරයාට නඩු පැවරීමට තරම් ප‍්‍රමාණවත් කරුණු තිබෙන බවට නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙසකට අනුවයි.

චෝදනා ලබා සිටින වෛද්‍යවරායට ලබන මස 15 වැනිදා අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝගයක් ද කෙරුණා.

අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිලියක මෙලෙස සී.සී.ටීවී කැමරාවක් සවිකළ බවටයි අදාළ වෛද්‍යවරයාට චෝදනා එල්ල වී ඇත්තේ.