Tuesday, September 24, 2024

General line - 0115112241

මැදපෙරදිග ගිය කාන්තාවක් රෝහලේ - කාර්යාංශයෙන් තොරතුරු සොයන්න සහය ඉල්ලයි




මැදපෙරදිග රටක රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික කාන්තාවක් පිළිබඳ කඩිනමින් තොරතුරු අවශ්‍ය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දන්වා සිටිනවා.

බහරේන් රාජ්‍යයේ සල්මානියා රෝහලේ ප්‍රතිකාර ලබන මෙම කාන්තාව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු වාර්තා කර තිබෙනවා.

 බහරේන් රාජ්‍යයේ පොලීසිය මගින් සල්මානියා රෝහලට ඇතුලත් කර ඇති මෙම කාන්තාව සිහිමද තත්වයේ පසුවන අතර ඇය නමින් ඉනෝකා දමයන්ති බවත්, පදිංචිය ශ්‍රී ලංකාවේ, ගනේමුල්ල ප‍්‍රදේශයේ බවත් වාර්තා වෙනවා.

ඇය සතුව ගුවන්ගමන් බලපත‍්‍රය හෝ අනන්‍යතාවය තහවුරු කළ හැකි කිසිදු ලියවිල්ලක් නොමැති බවද සඳහන්. ඇයට ලංකාවේ පදිංචිය පිළිබඳ නිවැරදි මතකයක් නොමැති බවත් තානාපති කාර්යාල නිළිධාරීන් දන්වා සිටිනවා.
 
ඇය පිළිබඳ කටයුතු සොයාබැලීමට කාර්යාංශයට අවශ්‍ය බැවින් මේ සම්බන්ධයෙන් මහජන සහය බලාපොරොත්තු වනවා. විශේෂයෙන් ඇය පිළිබඳව තොරතුරු දන්නා අය වෙතොත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ හෝ කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ 011 2 864 100 දරන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද මේ පිළිබඳව ඔබ දන්නා අය දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටිනවා.