Tuesday, September 24, 2024

General line - 0115112241

සමෘද්ධිය හිතවතුන්ට! වරදක්නම් නිලධාරීන්ගේ ! ඇමති කියන කතාව!




තමන්ට හිමිව තිබූ සමෘද්ධි සහනාධාරය නව චක්‍රලේඛයට අනුව කප්පාදු කර ඇතැයි පවසමින්, ඊට විරෝධය පාමින් අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 51ක සිටින දහසකට අධික ජනතාවක් අඟුණකොළපැලැස්ස නගරයේ දී අද (09) විරෝධතාවයක නියැලුනා.

ග්‍රාම නිලධාරී වසම් 51ක සමෘද්ධිලාභීන් 5008ක් සිටින අතර ඉන් සමෘද්ධි සහනාධාරය හිමිව තිබූ 2500කට අධික සමෘද්ධිලාභීන් පිරිසකගේ සමෘද්ධි සහනාධාරය කප්පාදු කොට සමෘද්ධි සහනාධාරය ලබාදීමට නුසුදුසු පුද්ගලයින් හට එම සහනාධාරය ලබා දී ඇතැයි විරෝධතා කරුවෝ චෝදනා කළා.

ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය ඉදිරිපිටින් විරෝධතාවය ආරම්භ වූ අතර පසුව විරෝධතා කරුවන් අඟුණකොළපැලැස්ස නගරයේ, මිද්දෙනිය, හුංගම, තංගල්ල, ඇඹිලිපිටිය නගර වෙත පිවිසෙන මාර්ග අවහිර කරමින් පැය 06කට අධික කාලයක් විරෝධතාවයේ නියැලුණා.

මේ හේතුවෙන් ප්‍රදේශයේ මාර්ගවල ගමනාගමනයට ද  දැඩි බාධා ඇති විය. එම නිසා මාර්ගයේ ගමන්ගත් ජනතාව ද දැඩි අසීරුතාවකට ලක් වුණා.

මේ අතර දිවයිනේ ඇතැම් ස්ථානවල සමෘද්ධි ලාභීන් පවත්වනු ලැබීම සම්බන්ධයෙන් සමාජ සවිබල ගැන්වීම් , සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස් බී දිසානායක පවසන්නේ උද්ඝෝෂණ වලට සම්බන්ධ වී ඇති සමෘද්ධි ලාභීන්ගේ තොරතුරු විකෘති වී ඇත්නම් නිලධාරීන් ඊට වග කිව යුතු බවය. 
 
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසන්නේ සමෘද්ධි ලාභීන් අවුස්සා උද්ඝෝෂණ වලට මෙහෙයවීම වරදක් බවත්, නව සමීක්ෂණය පිළිබඳව කිසිවෙකු කලබල නොවිය යුතු බවත් පැවසූ ඇමැතිවරයා තොරතුරු ප්‍රකාශ වල වැරදි ඇත්නම් ඊටද වග කිව යුත්තේ නිලධාරීන් යැයිද සඳහන් කළා.