Tuesday, December 17, 2024

General line - 0115112241

"පුළුවන් නම් පෙරලන්න..සුළු පක්ෂ එජාපයෙන් යන්නේ නෑ"- ඇමති තිගාම්බරම් ප්‍රසිද්ධියේ අභියෝග කළ හැටි 




එක්සත් ජාතික පෙරමුණ සඳහා සහාය දුන් කිසිඳු සුළු පක්ෂයක් එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් නොවන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ගරු අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පවසනවා.

අඹේවල පිහිටි හයිලන්ඩ් කිරිපිටි කර්මාන්ත ශාලාව නවීකරණය කර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඒකාබද්ධ විපක්ෂය කුමක් ප්‍රකාශ කළද 2020 වසර වනතෙක් ආණ්ඩුව වෙනස් කළ නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 

ඒ සඳහා උතුරේ මෙන්ම දකුණේ සුළු පක්ෂවල කිසිඳු සහයක් නොලැබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

" මහින්ද රාජපක්ෂ මහත්තයා ආපු දවසේ ඉඳලා කියනවා ආණ්ඩුව අද ගන්නව හෙට ගන්නවා කියලා.ඊට පස්සේ නාමල් රාජපක්ෂ කියනවා.ඊයේ පෙරේදා මහින්දානන්ද මන්ත්‍රීවරයා කියනවා බොහොම ඉක්මණට මහින්ද රාජපක්ෂ අගමැති කරනවා කියලා.අපි කියන්නේ පුළුවන්නම් කරන්න කියලා.එක්සත් ජාතික පෙරමූණේ 105 ක් ඉන්නවා.අපි කවදාවත් යන්නේ නෑ.ඒ වගේම සුළු පක්ෂ  කවදාවත් යන්නෙත් නෑ.ඉතිං කොහොමද ආණ්ඩුව මාරු කරන්නේ.කව්රුත් බය වෙන්න එපා 2020 වෙනකං මේ ආණ්ඩුව යනවා.අපි අමාත්‍යාංශ බාරගෙන කෙළින් වැඩ කරනවා.. " යැයි සඳහන් කළා.