Tuesday, September 24, 2024

General line - 0115112241

විදෙස් ගිවිසුම්වල ඇති විශේෂම දේ ගැන ජනපති හෙළිකරයි




විදේශීය ආයෝජනවල දී රටේ ස්වාධීනත්වයට හානියක් නොවන ආකාරයට කටයුතු කිරීම වත්මන් රජයේ ප‍්‍රතිපත්තිය බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා කියා සිටියේ ආයෝජන සම්බන්ධයෙන් විදේශ රටක් හෝ සමාගමක් සමග ගිවිසුමකට එළඹීමේ දී ඊට අදාළ අවශ්‍යතාවයන් සපුරාලනු විනා භූමියේ අයිතිය කිසි සේත් ඔවුන්ට හිමි නොවන බවට විශේෂ ප‍්‍රකාශයක් එම ගිවිසුම් තුළ අන්තර්ගත බවයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ චීන ශ‍්‍රී ලංකා තානාපති සබඳතාවලට වසර 60ක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවය අමතමින්.

විදේශ වත්කම් ඉහළ නංවා ගැනීමට හා විදේශ ණය බරින් නිදහස් වීමට රජය ගත් ක‍්‍රියාමාර්ගවල සාර්ථක ප‍්‍රතිඵල මේ වනවිට පෙනෙන්නට ඇති බවයි මෙහි දී ප‍්‍රකාශ කෙරුණේ.