Monday, May 6, 2024

General line - 0115112241

පිටකෝට්ටේ ජනාකීර්ණ ස්ථානයක ඇති ඩෙංගු තවාන (VIDEO)




පිටකොට්ටේ පාගොඩ පාරේ රජයේ මෙන්ම පෞද්ගලික ආයතන රැසක් පිහිටා ඇති මෙම ස්ථානය ඩෙංගු මදුරුවන්ට බෝ වීම සඳහා ඉඩ සළසා දී ඇත්තේ රටම ඩෙංගු උණෙන් පීඩා විඳිමින් සිටියදීයි.

මෙම ස්ථානයෙන් දිනකට දහසක් දෙනා ගමන් කළද ඔවුන් කිසිවෙකුත් මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීමට හෝ පැමිණිලි කිරීමට අවදානය යොමු කර නොතිබීම කණගාටුවකට කරුණකි.

එසේ දැනුවත් කර තිබියදී වුවද ඒ සඳහා නිසි පිළියම් නොලැබුණු අවස්ථාවක බලා නොයිද මෙවන් අවස්ථාවක සිය වටපිටාව පිරිසිදු කර ගනිමින් ඩෙංගු මදුරුවන් බෝ වන පරිශ්‍ර විනාශ කර දැමීම තම තමන්ට පැවරෙන අත්හල නොහැකි වගකීමක් මෙන්ම යුතුකමක්ද වනවා.