Tuesday, September 24, 2024

General line - 0115112241

පිටු 8600, පැය 48ක දී විමර්ශනය කළ හැටි නීතිපති දෙපාර්තමේන්තුව හෙළි කරයි




නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල කරන පුද්ගලයින් අඥානයින් බව අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ අද (11) ප‍්‍රකාශ කළා.

ඒ, මහබැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින්. 

බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් වන අද දිනට නියමිත සාක්ෂි විමසීම අවසන් වීමෙන් පසු අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මෙම විශේෂ ප‍්‍රකාශය සිදු කළා. 

ඔහු එහි දී කියා සිටියේ අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකථනයෙන් ලබා ගත් දත්ත පී.ඞී.එෆ්. ලේඛනයකට පරිවර්ථනය කළ බවයි. 

එමඟින් ඕනෑම වචනයක් පහසුවෙන් සොයා ගත හැකි බව ද ඔහු ප‍්‍රකාශ කළා. 

එම ක‍්‍රමය උපයෝගී කර ගනිමින් හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ නම සඳහන් පිටු 25ක් පමණ විමර්ශනය සඳහා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා වෙත භාර දුන් බව ද ඔහු කියා සිටියා. 

මේ බව නොදන්නා අඥානයින් නීතිපති දෙපාර්තමේන්තුව පිටු 8600ක් පැය 48ක් තුළ විමර්ශන කළේ කෙසේදැයි විමසමින් චෝදනා එල්ල කරන බව ද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා මෙහි දී කියා සිටියා.