Tuesday, September 24, 2024

General line - 0115112241

grade5.lk දෙවන පෙරහුරු විභාගගේ ප්‍රතිපල නිකුත් වෙයි 




grade5 ඔන්ලයින් දෙවන පෙරහුරු විභාගගේ ප්‍රතිපල මේ වන විට නිකුත් වී තිබෙනවා. 

grade5 ඔන්ලයින් දෙවන පෙරහුරු විභාගය ඊයේ (11) පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වුණා.

ඒ අනුව ලකුණු 194 ක් ලබාගනිමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශිෂ්‍යාවක් පළමු ස්ථානය හිමිකරගෙන සිටිනවා.  

ලකුණු 190 ක් ලබාගත් දෙවන ස්ථානය තුනක්  වාර්තාවන අතර ඒ ගාල්ල ,මාතර සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින්.‍ 

grade5.lk ඔන්ලයින් දෙවන පෙරහුරු විභාගයේ තෙවන ස්ථාන හිමිකරගෙන ඇත්තේ ලකුණු 187 බැගින් ලබාගත් කළුතර සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල සිසුවියන් දෙදෙනකු විසින්.

ඉහලම ලකුණු ලබාගත් එම දරුවන් ඇතුළු මෙම ඔන්ලයින් දෙවන පෙරහුරු විභාගයට මුහුණ දුන් සියළු දරුවන්ගේ ප්‍රතිපල මේ වන විට නිතුක් වී තිබෙනවා.

සිය Grade5 ගිනුමට  ඇතුලු වී මෙම පෙරහුරු ප්‍රශ්න පත්‍රය සඳහා තමා ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය දැනගැනීමට දරුවන්ට හැකියාව තිබෙනවා.

සිය ලකුණු දැනගැනීම සඳහා කළ යුත්තේ grade5.lk ඔස්සේ හෝ grade5 ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම ඔස්සේ සිය භාවිතා නම සහ මුරපදය යොදා Grade5 ගිණුමට පිවිසීමයි.

ඊයේ පැවැති grade5.lk දෙවන පෙරහුරු විභාගය සඳහා මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දිවයිනේ දරු දැරියන් විශාල ප්‍රමාණයක් සහභාගි වුණා. 

අද මෙම පෙරහුරු විභාගයට සහභාගි වීමට අවස්ථාව නොලැබුණු දරු දැරියන් වෙනුවෙන් හෙට සිට මෙම සුවිශේෂි ඉලක්ක ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට grade5.lk අවස්ථාව සලසා තිබෙනවා. මේ පිළිබඳ වැඩි විස්තර 070 300 11 55 අංකයෙන් ලබාගත හැකියි.