Tuesday, September 24, 2024

General line - 0115112241

ඇතැම් විරෝධතාවලට භික්ෂූන් වහන්සේලා සම්බන්ධ වීම රටට කැළලක් බව ජනපති හෙළි කරයි




රටේ ආර්ථීක සමාජ හා ජනවාර්ගික සියළු ගැටළු සඳහා විසදුම් තිබෙන්නේ බෙදීමකින් සහ සැකයකින් තොරව විශ්වාසයෙන් යුතුව සියළු දෙනාට සමාජය තුළ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම තුළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

ජනාධිපතිවරයා කියා සිටියේ සැම තැනම ඇති අසමගිය නැති කරමින් අවබෝධයෙන් සහ විශ්වාසයෙන් යුතුව කටයුතු කරන සමාජයක් මෙම බෞද්ධ රට තුළ ගොඩනැගීමට සියළු දෙනා යුහුසුළුව එක්විය යුතු බවයි. 

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පූජ්‍ය කිරම විමලජෝති හිමියන් වෙත දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම පිළිබඳ සන්නස් පත්‍රය පිළිගැන්වීම වෙනුවෙන් ඊයේ පස්වරුවේ මාතර පැවති උත්සවයකදීයි. 

එහි දී ඇතැම් විරෝධතා සහ උද්ඝෝෂණවලට භික්ෂූන් වහන්සේ සම්බන්ධ වීම පිළිබඳ ජනාධිපතිවරයා අදහස් පළ කළා. 

උතුම් භික්ෂු සමාජයේ ගෞරවය හා පිළිගැනීම රැක ගනිමින් තරුණ භික්ෂූන් වහන්සේලා කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කළා.