Wednesday, September 25, 2024

General line - 0115112241

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගත් ගිවිසුමේ වංචාවක් ඇති බව හෙළි වෙයි ?




මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට අදාළව කිසිදු ගිවිසුමක් මේ දක්වා සකස් කර නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

රෝහල රජයට පවරා ගත් බවට අත්සන් කළා යැයි කියන ලියවිල්ල කිසිදු නෛතික රාමුවකට අයත් නොවන බවයි මෙහි දී ප්‍රකාශ කෙරුණේ. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ සෞඛ්‍ය ලේකම්වරයා විසින් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ ගිවිසුම බව කියමින් තම සංගමය වෙත එවූ තනි පිටුවක ලියවිල්ලකින් මෙම කරුණු හෙලි වූ බවයි. 

එම ලියවිල්ලේ ලිපි ශීර්ෂය ලෙස දක්වා ඇත්තේ "අභිමතය ප්‍රකාශ කරන ලිපිය" යනුවෙනි. එය ගිවිසුමක් නොවන බවයි ලේකම්වරයා මෙහි දී ප්‍රකාශ කළේ. 

රෝහල පවරා ගත් බව පැවසුව ද ගැටළුව අවසන් වී නොමැති බවයි එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ. 

සෞඛ්‍ය අමාත්‍යවරයාට ද ඉදිරියේ දී ඉල්ලා අස්වීමට සිදුවනු ඇති බවයි මෙහි දී ප්‍රකාශ කෙරුණේ.