Wednesday, September 25, 2024

General line - 0115112241

ගණේමුල්ල ගුවන් පාලම තවත් නොබෝ දිනකින් ජනතා අයිතියට (VIDEO/PHOTOS)




ගණේමුල්ල නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට විසදුම් ලබාදෙමින් ඉදිකෙරෙන ගණේමුල්ල ගුවන් පාලමේ ඉදිකිරීම් මේ වන විට කඩිනමින් සිදුවෙමින් පවතිනවා. 

මෙහි වැඩ කටයුතු මෙම වසර අගදී ජනතා අයිතියට පවරාදීමට නියමිතව තිබෙනවා.

දිවයිනේ සියළු ප්‍රදේශවල ජනතාවගේ දෛනික ජන ජීවිතය සුව පහසු කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කර තිබෙන තිරසර සංවර්ධන වැඩසටහන යටතේ මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණා.

මාර්ග සංවර්ධන අධිකාරියේ බ්‍රිතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන මෙම ගුවන් පාලම මීටර් 504 ක් දිගින් යුක්ත වන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1760ක්.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ ප‍්‍රධාන නගරයෙක් වන ගණේමුල්ල නගරයට දෛනික කටයුතු සදහා ජනතාව විශාල පිරිසක් පැමිණෙන අතර නගරය මැදින් දිවෙන දුම්රිය මාර්ගය හේතුවෙන් එහි පවතින්නේ දැඩි වාහන තදබදය නිසාවෙන් ප‍්‍රදේශයේ ජනතාව දීර්ඝ කාලයක් පුරා දැඩි අසීරුතාවයකට පත්ව සිටියා.