Wednesday, September 25, 2024

General line - 0115112241

කොළඹ - හංවැල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය සීමා කෙරේ




නවගමුව පුරාණ පත්තිනි දේවාලයේ වාර්ෂික පෙරහැර හේතුවෙන් අද (12) සහ හෙට හංවැල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය සීමා කර තිබෙනවා. 

පෙරහැර අද රාත්‍රී 8.00 සිට හෙට අළුයම 1.00 දක්වාත් යළි හෙට පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වාත් ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීමට නියමිතයි. 

ඒ හේතුවෙන් වාහන තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. 

ඒ අනුව, හංවැල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් කරන වාහන රණාල සියඹලාගහ හන්දියෙන් අතුරුගිරිය දෙසට ගමන් කළ හැකියි. 

කඩුවෙල සිට හංවැල්ල දෙසට ගමන් කරන වාහන කඩුවෙල වෙලේ හන්දියෙන් අතුරුගිරිය දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කළේ.