Wednesday, September 25, 2024

General line - 0115112241

යාපනයේදී වෙඩි වැදී මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳ නිල ඇඳුමකුත් නැතිව පොලිස් සේවයේ

ජූඩ් සමන්ත




යාපනය නල්ලූර් කෝවිල අසල දී වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මිය ගිය උප පොලිස් පරීක්ෂක සරත් හේමචන්ද්‍රගේ බිරිද අද (16) පල්ලම පොලිසියේ සේවයට වාර්තාකර තිබෙනවා. උප පොලිස් පරීක්ෂකවරයා මිය ගියේ යාපනය මහාධිකරණ විනිසුරු මානික්ක වාසගම් ඉලංගචේලියන්ගේ ආරක්ෂක රාජකාරි සිදු කරමින් සිටියදීයි.

උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිද විවාහ වීමට පෙර කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ලෙස කටයුතු කළා. දෙවැනි දරුවා ලැබීමෙන් අනතුරුව ඇය සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඇය සේවය අතහැර ගියා සේ සලකනු ලැබුවා. සිය ස්වාමි පුරුෂයා රාජකාරිය අතර තුර මිය යාමත් සමග ඇය යළි පොලිස් සේවයේ පිහිටුවීමට පොලිස් කොමිසම අනුමැතිය ලබා දුන්නා.

මෙතෙක් නිල ඇදුමක් නොමැති බැවින් ඇය සිවිල් ඇදුමෙන් සැරසී රාජකාරි කටයුතු සිදු කරන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.