උඩවල ජලාශයේ පිටවාන් දොරටු සවිකර ඇති පාලම මතින් බරවාහන ගමන් කිරීම නිසා එම පාලම අවදානමකට ලක්ව තිබෙනවා. නෙත් නිවුස් එහි කළ නිරීක්ෂණ චාරිකාවක දී හෙළි වූයේ බර වාහන ගමන් කිරීම හේතුවෙන් උඩවලව ජලාශයේ වේල්ල ද අවදානමකට ලක්ව ඇති බවයි.
උඩවල ජලාශයේ වේල්ල මතින් රථ වාහන අධික වේගයෙන් ධාවනය කිරීම වේල්ල අවදානමකට ලක්වීවීමට තවත් හේතුවක් බවයි උඩවලව ජලාශයේ කාර්ය භාර ඉංජිනේරු සුජීව ගුණසේකර පැවසුවේ.