Wednesday, September 25, 2024

General line - 0115112241

ආණ්ඩුවෙන් එන පනතකට ඒකාබද්ධ විපක්ෂයේ සහය!




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ රාත‍්‍රීයේ පැවැත්වුණා. ඒ, හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදීයි. ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳ මෙහි දී සාකච්ඡා වී තිබෙනවා.  
 
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පළාත් පාලන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට ඒකාබද්ධ විපක්ෂය ලෙස ඊට සහයේගය දෙන බවද ඔහු පවසනවා. ඒ අන් කිසිවක් නිසා නොව මැතිවරණය ඉක්මණින් පවත්වා ආණ්ඩුවට පාඩමක් කියාදීමට බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.