Wednesday, September 25, 2024

General line - 0115112241

පරණ සිද්ධියක් මතක් වෙලා නාමල් තර්ජනය කරලා




පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරියෙකුට බැණ තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මෙය සිදුව ඇත්තේ ප‍්‍රශ්න කිරීමක් සඳහා රෝහිත රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ ඉකුත්දා පෙනී සිටි අවස්ථාවේයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එම ස්ථානයේ සිට තිබෙනවා. ඒ වන විට ඔවුන් රැඳී සිට ඇත්තේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ පිළිගැනීමේ පර්යන්තයේයි. 

බැණ තර්ජනය කිරීමට ලක් වූ නිලධාරියා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අංක 07 ඒකකයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙක්.

මීට පෙර අවස්ථාවක දී නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ද මෙම නිලධාරියා සහභාගි වී සිට තිබෙනවා.

අදාළ නිලධාරීයා මේ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුවත් කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වුණා.