Wednesday, September 25, 2024

General line - 0115112241

සම්මුතිවාදී ආණ්ඩුවට වසර 02යි - අල්ල ගන්න බැරි වුණ දේත් මතක් කරයි




රට මුහුණ දී සිටි අභියෝග ගණනාවකින් රට බේරා ගැනීමට වත්මන් සම්මුති ආණ්ඩුව වසර 02ක් ඇතුළත සමත් වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ශ්ව කිහිපයක් එක්ව පිහිටුවා ගත් සම්මුති ආණ්ඩුවට වසර 02ක් සම්පූර්ණවීම නිමිත්තෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි.

සම්මුති ආණ්ඩුව අසමත් වූ අවස්ථා කිහිපයක් ද තිබෙන බවයි නලින් බණ්ඩාර මන්ත‍්‍රීවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ. හොරුන්ට දඬුවම් දීම කාරණයේදී බරපතල ප්‍රමාදයක් සිදුව ඇති බවද සඳහන් කෙරුණා. 

වත්මන්  සම්මුති ආණ්ඩුවේ ගත වූ වසර 02 පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයෙන් ද නෙත් නිවුස් විමසීමක් කළා.

එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ සම්මුති ආණ්ඩුව, යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ජාතික ආරක්ෂාව ද තර්ජනයට ලක්ව ඇති බවයි.