නැගෙනහිර විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය අද (17) තීරණය කළා.
ඉකුත් සති කිහිපයක් තිස්සේ සිසුන් විසින් සිදු කරන ලද පන්ති වර්ජන, සත්‍යග‍්‍රහ සහ උද්ඝෝෂණ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි නියෝජ්‍ය උප කුලපති කේ. කරුණාකරන් සඳහන් කළේ.
සිසුන් කිහිප දෙනෙකුට පනවා ඇති පන්ති තහනම ඉවත් කරන ලෙස හා විශ්ව විද්‍යාලය තුළ සවිකර ඇති සී.සී.ටීවි කැමරා ඉවත් කරන ලෙසට බල කරමින් සිසුන් මෙලෙස උද්ඝෝෂණවල නිරත වී තිබෙනවා.