Sunday, May 19, 2024

General line - 0115112241

වාහන බද්දත් අඩුවෙයි! යතුරු පැදි සඳහා නොසිතූ වාසියක්




එන්ජින් ධාරිතාව 150ට අඩු යතුරුපැදි ආනයනය කිරීමේ දී අය කළ බදු මුදල සියයට අනූවකින් පහත දැමීමට රජය තීරණය කර තිබෙනවා. කුඩා ලොරි රථ හා කැබ් රථ සඳහා පවතින බදු මුදල් රුපියල් ලක්ෂ 03කින් අඩු කරන බවයි මුදල් අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ.

අන්තර්ජාල සේවා මත අය කරනු ලැබූ සියයට 10ක විදුලි සංදේශ බද්ද සැප්තැම්බර් මස පළමු වනදා සිට ඉවත් කරන බවද මුදල් අමාත්‍යවරයා කියා සිටියා. කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී මුදල් අමාත්‍ය මංගල සමරවීර මෙම කරුණු අනාවරණ කළා.