Sunday, May 19, 2024

General line - 0115112241

ආමි ජිනේගේ අක්කා මැරූ සැකකරුවෙක් අවුරුදු 14කට පසු CIDයට කොටුවෙයි




පාතාල නායකයෙකු ලෙස සැලකෙන ආමි ජිනේගේ සහෝදරියක් ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධියක ප්‍රධාන  සැකකරු බවට හදුනාගත් පුද්ගලයෙකු වසර හතකට පසු ගිය දිනක දඹුල්ල ප්‍රධාන බස් නැවතුම් පොලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන් ඇතැයි පොලිසිය පවසනවා.


දඹුල්ල බස් නැවතුම්පොළේ කඩ කාමරයක දුරකථන අලුත්වැඩියා කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර අදාල ඝාතනය සදහා පුදගලයින් දෙදෙනකු සම්බන්ධවී ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති පොලිසිය පවසනවා

මෙම  සැකකරු සිය දෙවන බිරිඳ හා දරුවන් සමග දඹුල්ල ට මිට වසර හතකට පමණ පෙර පැමිණ කුලී පදනම මත නිවෙස් කීපයක පදිංචිව සිට තිබෙනවා. සැකකරුගේ පළමු විවාහයේ දියණිය බැලීමට කොළඹට පැමිණෙනන් බවට ලද තොරතුරු ඔස්සේ කරන ලද විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.