පසුගිය රජය සමයේ සිදු වූ වංචා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ අධිකරණයක් පිහිටුවන්නේ නම්, එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පිහිටුවිය යුතු බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය එස්. බී. දිසානායක මේ බව කියා සිටියා.
රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුව ඇති අලාභය රුපියල් ටි‍්‍රලියනයකට අධික වන බවට තමන් සිදු කළ ප‍්‍රකාශය යළි තහවුරු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.