Sunday, May 5, 2024

General line - 0115112241

ක්‍රිකට් පරාජයන් දරාගත නොහැකිව කණ්ඩායමේ නව පුහුණුකරු කළ හෙළිදරව්ව




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කටයුතු සඳහා පිටස්තර පුද්ගලයින් මැදිහත් වන බව කණ්ඩායමේ පුහුණුකරු නික් පෝතස් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ දඹුල්ල ක‍්‍රීඩාංගණයේ ඊයේ (20) පැවති තරගයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය පිළිබඳ අදහස් දක්වමින්. 

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සැලැස්ම පිළිබඳ අදහස් දක්වමින් ඔහු උදාහරණයක් ලෙස ප‍්‍රකාශ කර ඇත්තේ එහි ‘‘කෝකීන්’’ වැඩි බවයි.

සෑම තරගයකටම පාහේ නවක ක‍්‍රීඩකයින් එක්වන බැවින් ක‍්‍රීඩකයින් කෙරෙහි නිශ්චිත අවධානයකින් කටයුතු කිරීම දුෂ්කර වී ඇති බවද නික් පෝතස් පවසනවා.

ඇතැම් තෝරාගැනීම් වැරදි සහගත බව පවසන ඔහු ඒවා මෙහිදී දැඩි ලෙස විවේචනය කිරීමද කැපී පෙනුන සිද්ධියක්. 

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයින් මෙන්ම පුහුණුකරුවන්ද දැඩි කැපවීමකින් යුක්තව කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. 

ඉන්දියාව සමග දඹුල්ලේ ඊයේ පැවති තරගයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයකට මුහුණපෑමට සිදු වුණා. පසුව ක‍්‍රීඩා ලෝලීන් ක‍්‍රීඩාංගණය තුළ සහ ඉන් පිටත විරෝධතාවක නිරත වූයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය දැඩි ලෙස විවේචනය කරමින්.