Sunday, April 28, 2024

General line - 0115112241

සංගා පිත්ත නැතිව තැබූ ක්‍රිකට් වාර්තාවක් බිඳින්න දෝනිත් පිත්ත නැතිව ඇවිත්




කුමාර් සංගක්කාර සතු එක්දින ක‍්‍රිකට් වාර්තාවක් බිඳ හෙලීමේ අවස්ථාවක් ඉන්දීය කඩුලු රකින ක‍්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිට හිමිව තිබෙනවා.

එක්දින ක‍්‍රිකට් පිටියේ වැඩිම ස්ටම්ප් කිරීම් සංඛ්‍යාවකට හිමිකම් කියන්නේ ශ‍්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරයි.
කුමාර් සංගක්කාර එක්දින පිටියේ ස්ටම්ප් කිරීම් 99කට දායක වී තිබෙනවා.

මහේන්ද්‍ර සිං දෝනි ද මේ දක්වා ස්ටම්ප් කිරීම් 99කට දායක වී ඇති අතර අද (27) පැවැත්වෙන තරගයේ දී ඔහු බොහෝ විට සංගක්කාරගේ එම වාර්තාව බිඳ හෙලනු ඇති බවයි ක‍්‍රිකට් විචාරකයින් පවසන්නේ.

එක්දින ස්ටම්ප් කිරීම් ලැයිස්තුවේ 03 වන ස්ථානය හිමිව ඇත්තේ ශ‍්‍රී ලංකාවේ රොමේෂ් කලුවිතාරණටයි. ඔහු ස්ටම්ප් කිරීම් 75කට දායක වී තිබෙනවා.

මේ අතර ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වන එක්දින ක‍්‍රිකට් තරගය අද පස්වරු 02.30 ට පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ තවදුරටත් බලාපොරොත්තු රඳවා තබා ගැනීමට නම් ශ‍්‍රී ලංකා කණ්ඩායම අද තරගය අනිවාර්යයෙන් ජය ගත යුතු වනවා.