Sunday, April 28, 2024

General line - 0115112241

දිනේෂ් චන්දිමාල් ඉන්දීය තරගාවලියෙන් ඉවතට




ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලයේ ඉදිරි තරග දෙක දිනේෂ් චන්දිමාල් ට අහිමි වී තිබෙනවා. 

ඒ, මේ වන විට පැවැත්වෙන තරගයේදී ඔහු ආබාධයකට ලක් වීම හේතුවෙන්. 

අද තරගයේ පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කරන ඉන්දියාව මේ වනවිට කඩුලු 4ක් දැවී ලකුණු 97ක් රැස් කර ගෙන සිටිනවා. 

ශිකර් දවාන් ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ ලකුණු 05කට දැවී ගියා. 

එය මාලිංගගේ 299වන එක්දින කඩුල්ලයි. නායක විරාත් කෝලි ලකුණු 03කට විශ්ව ප‍්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී ගියා. 

එය විශ්ව ප‍්‍රනාන්දුගේ මංගල එක් දින කඩුල්ලයි.