Wednesday, May 8, 2024

General line - 0115112241

පල්ලේකැලේ කළ නොහික්මුනු වැඩේ ගැන රසල් ආනල්ඩ්ගෙන් ට්විටර් පණිවුඩයක්!




සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ‍්‍රී ලංකාව අතර ඊයේ පැවති තරගය අතරතුර ඇති වූ නොසන්සුන් තත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා. ක‍්‍රිකට් විචාරකයින් මෙන්ම ක‍්‍රීඩකයින් ද ඊයේ ඇති වූ මෙම තත්වය පිළිබඳ කණගාටුව පළ කරමින් සිය අදහස් පළ කර තිබුණා. 

ශ‍්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂ ක‍්‍රීඩකයෙකු හා ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන රසල් ආනල්ඞ් ද මෙම සිද්ධිය පිළිබඳ කණගාටුව පළ කරමින් සිය නිල ට්වීටර් ගිණුමේ සටහනක් තබා තිබුණා. එහි සඳහන්ව තිබුණේ මෙවැනි තත්වයක් මීට පෙර තමන් නොදුටු බවත්, ඒ පිළිබඳ දැඩි කණගාටුවට පත්වන බවත්ය.

ඉන්දීය විස්තර විචාරකයෙකු වන හර්ෂා බෝබ්ලේ ද පවසා තිබුණේ මෙවැනි අඥාණ පේ‍්‍රක්ෂකයින්  ඕනෑම තැනක සිටිය හැකි බවයි. 

මේ අතර ඊයේ පැවති තරගය අතරතුර ඇති වූ මෙම නොසන්සුන්තාව සම්බන්ධයෙන් ඔබට ද අදහස් ඉදිරිපත් කළ හැකියි. ඔබගේ අදහස් 077 902 18 24 අංකයට වයිබර් ඔස්සේ යොමු කරන්න.