Monday, April 29, 2024

General line - 0115112241

"උපන්දිනය සමරන්න සිසුන් 7ක්  බෝට්ටුවෙන් ගියා.."- හයක් බිළි ගනිමින් නිමාවූ උපන්දින සාදයේ තොරතුරු හෙළිවේ (PHOTOS)

රොමේෂ් මධුෂංඛ - වන්නිය




යාපනය, පන්නෙයි, මණ්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ දූපතක් වෙත උපන්දින සාදයක් සැමරීමට ගිය පාසල් සිසුන් පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් පෙරළීමෙන් මියගිය සිසුන් ගණන 06 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.


පළමුවෙන් මියගිය සිසුන් පස්දෙනෙකුගේ සිරුරු හමුවූ අතර එක් අයෙකු අතුරුදන්ව සිටියා.

පසුව හමුවූයේ එම සිසුවාගේ සිරුරයි.


මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් අදාළ දුපත වෙත බෝට්ටුවකින් ගමන් කොට ඇති අතර එම සිසුන්ගෙන් අවසන්වරට සිරුර හමුවූ සිසුවාගේ උපන්දිනය ඊයේට (28) යෙදී තිබුණා.

එය සැමරීමට බෝට්ටුවකින් මණ්ඩතිව්හි පිහිටි දූපතකට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බෝට්ටුව පෙරළෙන අවස්ථාවේ එහි සිසුන් 07 දෙනෙකු සිට තිබෙනවා.


මෙම සිසුන් ගමන් කොට ඇත්තේද නිසි  ප්‍රමිතියකින්  තොර බෝට්ටුවකින් බවටද මේ වන විට තොරතුරු අනාවරනය වී තිබෙනවා.