Monday, April 29, 2024

General line - 0115112241

ඩෙංගු රෝගින් 60%කින් අඩු වෙයි - ඊසාන දිග මෝසම නිසා යළි වර්ධනය වීමේ අවදානමක්




ඩෙංගු රෝගීන් වාර්තා වීම සියයට 60කින් පමණ අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 

එහි ඩෙංගු රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා පැවසුවේ ඊසාන දිග මෝසම් වර්ෂාව සක‍්‍රීය වන කාල සීමාවේදී රෝගීන්ගේ යම් වර්ධනයක් යලි බලාපොරොත්තු විය හැකි බවයි. කොළඹ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. 

රෝගය පාලනය කිරීම සදහා මාධ්‍ය මගින් ලබා දුන් දායකත්වයද මෙහිදී සිහිපත් කෙරුණා.

නෙත් එෆ් එම් රෝඩියෝව "වී ලීඞ් ශ‍්‍රී ලංක" සංකල්පය යටතේ ඩෙංගු රෝගය මර්දන කිරීම සදහා මාධ්‍ය ආයතනයක් ලෙස පළමු වරට ජනතාව දැනුවත් කිරීමේ කටයුතු ආරම්භ කළා. 

ඒ යටතේ පාසැල් දරු දැරියන් මෙන්ම ප‍්‍රජාවද සහභාගී කර ගනිමින් දිවයින පුරා විවිධ ප‍්‍රදේශවල ශ‍්‍රමදාන ව්‍යාපෘතීන් සහ ඩෙංගු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක කෙරුණා.