Saturday, May 4, 2024

General line - 0115112241

යාපනයේ අනීතාගෙන් හොඳ පැනිල්ලක් (PHOTOS)




තමන් පිහිට වූ කාන්තා රිටි පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට යාපනයේ ජේ.අනීතා අද (01) සමත් වුණා. 

එ් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 95 වැන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදීයි. 

ඉකුත් වසරේ යාපනයේ පැවති 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේදී ද ඇය සිය කාන්තා රිටි පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් වුණා.

අද පැවති කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ප්‍රතිඵල පහතින්.

01 - ජේ.අනීතා - යාපනය - 3.47 m
02 - එස්.පී.රණසිංහ - ගුවන් හමුදාව - 3.20 m
03 - සී.හෙරීනා - යාපනය - 3.00 m