Saturday, May 4, 2024

General line - 0115112241

ක්‍රිකට් ලෝක කුසලානය ගැන ශ්‍රී ලංකාවට තවත් බලාපොරොත්තුවක්




ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම හමුවේ ඊයේ (31) ලද එක්දින පරාජයත් සමග 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට ඍජුව සුදුසුකම් ලබා ගැනීමට නොහැකි විමේ අවදානමක් පිළිබඳව කාගේත් කතාබහට ලක්ව තිඛෙනවා. 

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා බංගලාදේශය ඇතුළු රටවල් හතක් මේ වනවිට ඍජුව සුසුදුසුකම් ලබා අවසන්. ශ්‍රී ලංකාව මේ වනවිට එක්දින ශ්‍රේණිගතකිරීම් සටහනේ අටවන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 88ක් ලබා ගනිමින්. බටහිර ඉන්දීය කොදෙව් පිල ප්‍රසාද ලකුණු  78 ලබා ගනිමින් එහි නවවැනි ස්ථානයේ පසු වෙනවා. එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඉදිරියේදී පැවැත්වෙන ප්‍රතිපලය අනුව ශ්‍රී ලංකාව හෝ කොදෙව් කණ්ඩායම 2019 ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබනු ඇති.

ඒ පිළිබඳ ප්‍රවීණ ජාත්‍යන්තර විස්තර විචාරක රොෂාන් අබේසිංහ සමග නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කළ සංවාදය පහතින්.