Saturday, May 4, 2024

General line - 0115112241

පොදුරද මඩලු බර ඉසිලීමේ තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි




ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් හි පැවැත්වෙන ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලිය සදහා 19 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා.
‍‍‍
ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සහ යොවුන් ලෙස අංශ තුනක් යටතේ සැප්තැම්බර් 4දා සිට 9දා දක්වා  මෙම තරගාවලිය පැවැත්වෙනවා. ඩබ්ලිව්. අජිත් තමෙල්ගේ කළමනාකාරීත්වය යටතේ 12 දෙනකුගෙන් යුත් නිලධාරී මඬුල්ලක්ද ඊට එක් වනවා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ‍‍‍ජ්‍යෙෂ්ඨ අංශය යටතේ ක්‍රීඩකයින් 8ක් සහ ක්‍රීඩිකාවන් 5ක්ද, කනිෂ්ඨ අංශය යටතේ එක් ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවක්ද, යොවුන් අංශය යටතේ ක්‍රීඩකයන් 3ක් සහ එක් ක්‍රීඩිකාවක් සහභාගි වනවා.

පොදුරාජ්‍ය මණ්ඩලයීය පදක්කම්ලාභී චින්තන ගීතාල් විදානගේ සහ සුදේශ් පීරිස්ද මෙවර තරගාවලියට එක්වී සිටිනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉසුරු සේනාධීර (කි.ග්‍රෑ. 105ට අඩු) කනිෂ්ඨ සහ ‍‍‍ජ්‍යෙෂ්ඨ යන අංශ දෙකම නියෝජනය කරමින් තරගාවලියට එක්වී සිටීමද විශේෂත්වයක්.

‍‍‍ජ්‍යෙෂ්ඨ අංශය :-
චින්තන ගීතාල් විදානගේ (කි.ග්‍රෑ. 77ට අඩු)
සුදේශ් පීරිස් (කි.ග්‍රෑ. 62ට අඩු)
චතුරංග ලක්මාල් (කි.ග්‍රෑ. 56ට අඩු)
ඩී.අයි. කුමාර (කි.ග්‍රෑ. 56ට අඩු)
තිලංග පළඟසිංහ (කි.ග්‍රෑ. 62ට අඩු)
ඉන්දික දිසානායක (කි.ග්‍රෑ. 69ට අඩු)
ශානක පීටර්ස් (කි.ග්‍රෑ. 94ට අඩු)
සමන් අබේවික්‍රම (කි.ග්‍රෑ. 105ට අඩු)
දිනූෂා හංසනී ගෝමස් (කි.ග්‍රෑ. 48ට අඩු)
චමරි මෙන්ඩිස් වර්ණකුලසූරිය (කි.ග්‍රෑ. 48ට අඩු)
එම්. උමේරා (කි.ග්‍රෑ. 58ට අඩු)
නදීෂානි රාජපක්ෂ (කි.ග්‍රෑ. 58ට අඩු)
චතුරිකා ප්‍රියන්ති (කි.ග්‍රෑ. 75ට අඩු)

කනිෂ්ඨ අංශය :-
ඉසුරු සේනාධීර (කි.ග්‍රෑ. 105ට අඩු)
ජානකී හපුතැන්න (කි.ග්‍රෑ. 90ට වැඩි)

යොවුන් අංශය :-
බි.කේ.ඩී. බණ්ඩාර, ඒ.එම්.ටී.ඩී. තිලකරත්න, ජේ.ජී.ආර්. ගුණතිලක, පී. ආශිකා.