Saturday, May 4, 2024

General line - 0115112241

හෙට තරගය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින්ට පොඩි පොඩි ඉලක්ක




ඉන්දියාව සමග හෙට (03) පැවැත්වෙන තරගය සඳහා ක‍්‍රීඩකයින්ට කුඩා කුඩා ඉලක්ක ලබාදී ඇතැයි මෙම තරගාවලියේ ශ‍්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු අවිෂ්ක ගුණවර්ධන පවසනවා. 

ඔහු ඒ බව පැවසුවේ හෙට තරගයට ඇති සූදානම පිළිබඳ කරුණු දැක්වීමට කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේ  අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.  

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින ක‍්‍රිකට් තරගාවලියට තරග 05ක් ඇතුළත්. 

හෙට පැවැත්වෙන්නේ මෙම තරගාවලියේ අවසන් තරගයි. 

පළමු තරග 04ම ඉන්දියාව ජය ගත්තා.