Sunday, May 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිළ ශක්තිමත් කළ යුතු හැටි ජාත්‍යන්තර ක‍්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පෙන්වයි




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. තරගය ආරම්භ වන්නේ පස්වරු 2.30ටයි.

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර තරග 05කින් සමන්විත එක්දින තරගාවලිය 4ට බින්දුවක් ලෙස ඉන්දීය කණ්ඩායම මේ වන විට ජය හිමි කරගෙන සිටිනවා.

තවමත් ජය මාවතට පිවිසීමට නොහැකි වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී සිය මානසිකත්වය ඉහළින් රඳවා ගනිමින් තරගයට පිවිසීම වැදගත් බව නෙත් ස්පෝර්ස්මන් වෙත අදහස් දක්වමින් ජාත්‍යන්තර ක‍්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පෙන්වා දෙනවා.

අද තරගයේදී ක‍්‍රීඩා කළ යුතු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය පිළිබඳවද ඔහු මෙහිදී අදහස් පළ කළා. 

එහිදී "ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් සංඛ්‍යාව අඩු කළ යුතුයි. මුල්පෙළේ පන්දු යවන්නන් තිදෙනෙක් 09 වැනි 10 වැනි සහ 11 වැනි පිතිකරුවන් ලෙස පන්දුවට පහරදීලා..නොම්බර 08 වන තුරු තුන්ඉරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයින් කණ්ඩායමට එක් කළ යුතුයි. ඉතින් මම දකින්නේ මේ කණ්ඩායමේ පිතිකරණය යම් ආකාරයකින් ශක්තිමත් කළ යුතුයි. මැතිවුස්, මිලින්ද ඉන්නවා..වනිදු හසරංග ක්‍රීඩා කලොත් ඔහුත් කණ්ඩායමට සිටිනවා..ඒ අනුව අලුතින් එක්වන ක්‍රීඩකයාත් තුන්ඉරියව් ක්‍රීඩකයෙන් වුණොත් කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කරන්න 04 දෙනෙක් ඉන්නවා. ඩිල්ෂාන් මුණවීර වෙනුවට බොහෝ දුරට උපුල් තරංග අද කණ්ඩායමට එක්වෙයි. මට දැනගන්න ලැබුණු හැටියට ධනුෂ්ක ගුණතිලකටත් දැන් සෙල්ලම් කරන්න පුළුවන්. මේ විදිහට ගියොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණයට වැඩි අවස්ථාවක් හමුවෙයි ලකුණු රැස් කරගන්න." යනුවෙන් සඳහන් කළා.