Sunday, May 19, 2024

General line - 0115112241

අවසන් එක්දින තරගයේ ශ්‍රී ලංකා ඉණිම238 කට සීමා වෙයි(UPDATE)




සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන පස්වන සහ අවසන් එක්දින තරගයේ ශ්‍රී ලංකා ඉණිම අද ලකුණු 238 කට සීමා වුණා.

, පන්දුවාර 49 කදී සියලූ දැවීයාමත් සමගයි. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක උපුල් තරංග පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රී ලංකා ඉණිමේ ආරම්භයට යම් ජීවයක් ගෙන දුන් උපුල් තරංග පන්දු 34ක දී ලකුණු 48ක් රැස් කළේ 04 පහර 09ක්ද සමගයි. ශ්‍රී ලංකා ඉණිමේ කඩුලූ 03ක් ලකුණු 63ක් තුළ බිද වැටී තිබු අවස්ථාවේ පිටියේ එක්වූ ලහිරු තිරිමාන්න හා ඇන්ජලෝ මැතිව්ස් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 122ක සබදතාවක් ගොඩනැගුවා.

පන්දු 102කදී තිරිමාන්න ලකුණු 67ක් රැස් කළා. ඇන්ජලෝ මැතිව්ස් පන්දු 98ක දී ලකුණු 55යි. මිලින්ද සිරිවර්ධන ලකුණු 18ක් රැස් කළා. වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව හෝ පසුකර යාමට නොහැකිවීම කැපී පෙනෙන සිද්ධියක්.

---------------------------------------

ශ්‍රී ලංකා පිල 162/3 (03-09-2017 17:17)

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 05 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දැන් පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 32 ක් අවසානයේ කඩුලූ 3ක් දැවී ලකුණු 162 ක් රැස්කර ගෙන සිටිනවා.

ශ්‍රී ලංකා ඉණිමේ පළමු කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල ලකුණු 02කට දැවී ගියා. දිල්ෂාන් මුණවීර දැවී ගියේ ලකුණු 04කටයි. උපුල් තරංග වේගවත් ඉණිමක් ක්‍රීඩා කරමින් පන්දු 34ක දී ලකුණු 48ක් රැස් කළා. ඊට හතරේ පහර 09ක් ඇතුළත්.

---------------------------------------

තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට - කුසල් මෙන්ඩිස් අද තරගයෙන් ඉවතට (03-09-2017 14:58)

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගයේ කාසිය වාසිය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. 

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මෙම තරඟය පැවැත්වෙනවා.

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර තරග 05කින් සමන්විත එක්දින තරගාවලිය 4ට බින්දුවක් ලෙස ඉන්දීය කණ්ඩායම මේ වන විට ජය හිමි කරගෙන සිටිනවා.

මේ අතර මානසික වෙහෙස හේතුවෙන් කුසල් මෙන්ඩිස් අද තරගයෙන් ඉවත් කළ බව පිතිකරණ පුහුණුකරු අවිෂ්ක ගුණවර්ධන පවසනවා.