Friday, September 27, 2024

General line - 0115112241

ලලිත්ට අනූෂට දුන් දඬුවම ගැන හිටපු ජනපති කියන කතාව




හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිටට ලැබුණු අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව නීතිවේදීන් පවසනවා. නීතිඥ ආචාර්ය ප‍්‍රතිභා මහනාමහේවා පෙන්වා දෙන්නේ මහාධිකරණයෙන් ලබාදෙන තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවට යාමට නීතියෙන් අවසර පවතින බවයි. 

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවේ පවතින නඩු ප‍්‍රමාදය හේතුවෙන් එම අභියාචනය විභාගයට ගැනීමට කලක් ගතවනු ඇති බවද මෙහිදී අවධාරණය කෙරුණා. 

මේ අතර හිටපු ජනාධිපති ලේකම්වරයාට සහ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ලැබුණු සිර දඬුවම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මෙලෙස අදහස් පළ කළා. 
 

“සිල් රෙදි එයා ගෙදර ගිහින් තියාගෙන හිටියෙ නැහැ. ලලිත්ටත් අනූෂටත් දඬුවම් සහ ඒ මුදල් අයකරගන්න නියම කරල තියෙනව. අනූෂට තියෙන චෝදනාව තමයි බෞද්ධ කටයුතු වලට උදව් කිරීම“ යැයිද, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අභියාචනයක් ඉදිරිපත් කරනා බවද හිටපු ජනාධිපතිවරයා පවසනවා.