Thursday, December 26, 2024

General line - 0115112241

තායිවානය දකුණු චීන මුහුද සම්බන්ධයෙන් චීනයේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරයි




අනෙකුත් ජාතීන් සම්බන්ධ උත්සන්න වන ආතතීන් මධ්‍යයේ, මතභේදයට තුඩු දී ඇති කලාපය මත සිය ස්වෛරීභාවය සහ අයිතිවාසිකම් යලි තහවුරු කරමින්, දකුණු චීන මුහුද සම්බන්ධයෙන් චීනයේ අලුත් කරන ලද හිමිකම් තායිවානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ප්‍රදේශයේ හමුදාමය ගැටුම් සහ භෞමික ආරවුල් උත්සන්න වීමත් සමඟ මෙම ප්‍රකාශය පැමිණ ඇති බව තායිවාන මාධ්‍ය වාර්තා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් තායිවානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, "ජාත්‍යන්තර නීතිය සහ සමුද්‍රීය නීති අනුගමනය කරමින් දකුණු චීන මුහුදේ දූපත් සහ මුහුදු සීමාව සඳහා තායිවානය සියලු අයිතිවාසිකම් භුක්ති විඳිති." යනුවෙනි.

තායිවානයට චීනය මෙන් අනෙකුත් රටවල තරඟකාරී ප්‍රකාශයන්ගෙන් බලපෑමට ලක් නොවන බව ද එම අමාත්‍යංශය  අවධාරණය කළේය.

චීනයේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, “චීනයේ භෞමික ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් සහ අවශ්‍යතා අධිෂ්ඨානශීලීව ආරක්ෂා කිරීම සඳහා චීනය නීතිය අනුගමනය කරමින් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරන බවයි.

"දකුණු චීන මුහුද සම්බන්ධයෙන් චීනයේ බොහෝ ඉල්ලීම් අවලංගු කරන ලද ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණය විසින් 2016 දී දුන් තීන්දුව චීනය දිගු කලක් තිස්සේ ප්‍රතික්ෂේප කර ඇති අතර කලාපය තුළ එහි ආක්‍රමණශීලී ක්‍රියා දිගටම කරගෙන ගොස් ඇත.